ලක්ෂ 50ක මත්ද්‍රව්‍ය සමඟ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බවයි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 238ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින් රුපියල් 100,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සහ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සහ බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මත්ද්‍රව්‍ය තොගයක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.

ඉතාලියේ සිට හෑෂ් සහ කුෂ් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන මෙම ජාවාරමේ මහමොළකරු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (29)නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00