හාලිඇල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි කෝවිල අසල දී අද (14) උදෑසන මෝටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

බණ්ඩාරවෙල දෙස සිට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මාර ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?