සිද්දිකාට වැඩ වරදීද ? – රජයෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ඔන්ලයින් මාධ්‍ය හමුවට එක්වෙමින්.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවේදී කළ ප්‍රකාශය මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

ඊයේ දිනයේද පාර්ශ්ව කිහිපයක් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේ දේශීය සමාගම් කඩාවැටෙන බැවින් පිළිකාකාරක අඩංගු ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි බවයි.

රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස ඇය කළ මෙම ප්‍රකාශයට සමාජයෙන් එල්ල වූයේ දැඩි විවේචනයක් සහ විරෝධයක්.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද දැඩිව විවේචනය කළා.

අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, ලක්මවට හඬක් සංවිධානය සහ ජනබල පවුර සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

පිළිකාකාරක අඩංගු ආහාර නිෂ්පාදන සමාගම් රකිමින් ජනතාව විනාශ කිරීමට ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කටයුතු කර ඇති බව එම පැමිණිලි මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේ අප ගෙන ආ වාර්තාව පහතින්.

Hiru News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09