Empty Ad
AFC Banner
Empty Ad

ජපන් යවන බව කියා කෝටි 20කට විද්ද අයෙක් අල්ලයි

ජපන් රටේ රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපන් භාෂාව පුහුණු කරමින් මෙම පුද්ගලයා දඹුල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පහළොව විස්ස දක්වා මුදල් ලබාගෙන ඔවුන් රැකියා සඳහා යොමු නොකොට සිටි පුද්ගලයෙකු බව දඹුල්ල පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා පොලිසියට ලැබුණු පැමිණිලි මත ඊයේ (04) සවස දඹුල්ල බස් නැවතුම්පොළ අසල ඔහු විසින් පවත්වාගෙන යන ආයතනයක් තුලදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසියේ සඳහන් කළා.

මෙම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයන් සඳහන් කරන්නේ රුපියල් කෝටි විස්සකට අධික මුදලක් මේ වනවිට ඔහු වංචා කර ඇති බවත් ඔහු අවස්ථා ගණනාවකදී තමන්ව මගහැරෙමින් ඔහු විදේශගත වීමට උත්සහ දැරූ බවයි.

රාජ්‍ය සේවයේ නියුතු මොහුගේ බිරිද ද මේ සම්බන්දව කටයුතු කරමින් ඇයගේ හිතවත් පිරිසක්ද විදෙස් ගත වීම සදහා සැමියා වෙත යොමු කළ බව පිරිස පවසනවා.

මොහු කලක් රාජ්‍ය සේවයේ සිට ජපානයේ රැකියාවට ගොස් නැවත පැමිණ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා අද (05) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස දහවෙනි දක්වා රක්ෂිත බඳවා ගත කෙරුණා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
00:59
Video thumbnail
ඊයේ රෑ පොලිසිය කටුනායක පීරයි - AIR PORT එකේ මිනිස්සුත් හොල්මන් කළ සිදුවීම
03:44
Video thumbnail
ලාල් කාන්ත අරක්කු කියන්නේ ආහාරයක්ද ? අනුන්ගේ යට ඇදුම් අඳින අය ඔහොම තමයි
06:21
Video thumbnail
සුපිරි ජනතා නියෝජිතයෝ - චතුරංග බැහැලම වැඩ
08:26
Video thumbnail
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කෙරේ
09:09
Video thumbnail
මහා වීදියේ 'සිටි ප්ලාසා' සම්පූර්ණයෙන්ම ගිනි ගනීයි
01:21
Video thumbnail
BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය
01:13:55
Video thumbnail
වියත්පුර නිවාස ගත්තු ගාමිණි ෆයර් වෙයි - අපි රජයට කිසිම අලාභයක් කළේ නෑ
03:41

?