ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල පිරිසිදුකාරක ද්‍රව්‍යවල විශාල හිඟයක් -නිරෝෂන් පාදුක්ක

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ක්ලෝරීන් සහ ජල පිරිසිදු කරන ද්‍රවය විශාල හිඟයක් පවතින බවට නිරෝෂන් පාදුක්ක චෝදනා කරනවා.

කොළඹදී අද පැවැති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා දූෂණ විරෝධි දූෂණ විරෝධී බලවේගයේ කැදවුම්කරු නිරෝෂන් පාදුක්ක එම චෝදනාව ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නිරෝෂන් පාදුක්ක, ජල සම්පාදන මණ්ඩලය මේ වනවිට විශාල ලාභයක් ලබනව. ඒ වගේම මිලියන ගානක් බැංකුවල සල්ලි තියාගෙන ඉන්නවා.

ඒත් ජල සම්පාදන මණ්ඩලයේ ක්ලෝරීන් නෑ දැන්. ජලය පිරිසිදු කරන බඩු නෑ දැන්. දැන් ක්ලෝරීන් සහ ජල පිරිසිදු කරන ද්‍රවය විශාල හිඟයක් තියෙනවා.

දැන් සෘජුවම ක්ලෝරීන් ආනයනය නොකළොත් කල් පැන ගිය තොග භාවිතා කරන්න වෙනවා. දැන් රජය මේකට මැදිහත් විය යුතුයි. පානීය ජලය ලබා දීම රජයේ වගකීමක්.

මේ ආණ්ඩුවේ උපරිම ධාරිතාවේ දැන් ඉන්නේ. තාම අවුරුදු දෙකක් අත්හදා බැලීම් කරනවා. මුලින්ම ජනාධිපතිතුමාට වට මේස සාකච්ඡාවක් අවශ්‍යයි.

රජයේ මුදල් අස්ථානගත වෙලා තියෙනවා. මුදල් ඇමති අනුර, මේවා එයා යටතේ නේ වෙන්නේ.

ගල් අඟුරු වංචාවේ කෙනා දැන් මොරටුවේ උපකුලපති, කන්ටේනර් වංචාවේ කෙනා දැන් ජනාධිපතිතුමා ගාව ඉන්නවා.

ලංකාවේ සියලු ආයෝජනයන් දැන් අයින් වෙනවා. ලංකාවට දැන් ආයෝජන ගේන්න පුලුවන් වෙන්නේ පැලවත්ත පුද්ගලික සමාගම හරහා පමණයි යනුවෙන්ද නිරෝෂන් පාදුක්ක චෝදනා කරනවා.