ජපන් යවන බව කියා කෝටි 20කට විද්ද අයෙක් අල්ලයි

ජපන් රටේ රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපන් භාෂාව පුහුණු කරමින් මෙම පුද්ගලයා දඹුල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පහළොව විස්ස දක්වා මුදල් ලබාගෙන ඔවුන් රැකියා සඳහා යොමු නොකොට සිටි පුද්ගලයෙකු බව දඹුල්ල පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා පොලිසියට ලැබුණු පැමිණිලි මත ඊයේ (04) සවස දඹුල්ල බස් නැවතුම්පොළ අසල ඔහු විසින් පවත්වාගෙන යන ආයතනයක් තුලදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසියේ සඳහන් කළා.

මෙම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයන් සඳහන් කරන්නේ රුපියල් කෝටි විස්සකට අධික මුදලක් මේ වනවිට ඔහු වංචා කර ඇති බවත් ඔහු අවස්ථා ගණනාවකදී තමන්ව මගහැරෙමින් ඔහු විදේශගත වීමට උත්සහ දැරූ බවයි.

රාජ්‍ය සේවයේ නියුතු මොහුගේ බිරිද ද මේ සම්බන්දව කටයුතු කරමින් ඇයගේ හිතවත් පිරිසක්ද විදෙස් ගත වීම සදහා සැමියා වෙත යොමු කළ බව පිරිස පවසනවා.

මොහු කලක් රාජ්‍ය සේවයේ සිට ජපානයේ රැකියාවට ගොස් නැවත පැමිණ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා අද (05) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස දහවෙනි දක්වා රක්ෂිත බඳවා ගත කෙරුණා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59
Video thumbnail
නාමල් වටා රැස්වෙන සෙනඟ නවත්තන්න හදන්නේ - විපක්ෂය හදන්නේ ආණ්ඩුව රැකගන්නද ?
03:08
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයත් වාන් දමයි
00:47
Video thumbnail
මහ වැස්සත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ මුළු පාරම වතුරෙන් වැහිලා
00:39
Video thumbnail
විශාල ගසක් කඩා වැටී තිදෙනෙකුට බරපතලයි
02:30
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55