spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපන් යවන බව කියා කෝටි 20කට විද්ද අයෙක් අල්ලයි

ජපන් රටේ රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපන් භාෂාව පුහුණු කරමින් මෙම පුද්ගලයා දඹුල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පහළොව විස්ස දක්වා මුදල් ලබාගෙන ඔවුන් රැකියා සඳහා යොමු නොකොට සිටි පුද්ගලයෙකු බව දඹුල්ල පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා පොලිසියට ලැබුණු පැමිණිලි මත ඊයේ (04) සවස දඹුල්ල බස් නැවතුම්පොළ අසල ඔහු විසින් පවත්වාගෙන යන ආයතනයක් තුලදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසියේ සඳහන් කළා.

මෙම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයන් සඳහන් කරන්නේ රුපියල් කෝටි විස්සකට අධික මුදලක් මේ වනවිට ඔහු වංචා කර ඇති බවත් ඔහු අවස්ථා ගණනාවකදී තමන්ව මගහැරෙමින් ඔහු විදේශගත වීමට උත්සහ දැරූ බවයි.

රාජ්‍ය සේවයේ නියුතු මොහුගේ බිරිද ද මේ සම්බන්දව කටයුතු කරමින් ඇයගේ හිතවත් පිරිසක්ද විදෙස් ගත වීම සදහා සැමියා වෙත යොමු කළ බව පිරිස පවසනවා.

මොහු කලක් රාජ්‍ය සේවයේ සිට ජපානයේ රැකියාවට ගොස් නැවත පැමිණ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයා අද (05) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස දහවෙනි දක්වා රක්ෂිත බඳවා ගත කෙරුණා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?