දමිල සිනමාවේ ජනප්‍රිය තරුව ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වෙයි

දමිල සිනමාවේ අති ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ (29) චෙන්නායිහි දී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අභාවප්‍රාප්තවන විට ඔහු 48 හැවිරිදි වියේ පසු වුණා.

දෙමළ චිත්‍රපටවල ප්‍රතිවීර චරිත රැසකට පණපොවා ඇති ඩැනියෙල් භාරතයේ මෙන්ම මෙරට සිනමාලෝලීන්ගේ හදවත් දිනාගත් රංගන ශිල්පියෙක්.

ඔහු ඊයේ පපුවේ වේදනාවක් හේතුවෙන් චෙන්නායි – කොට්ටිවාකම් හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.

අවසන් කටයුතු සඳහා ඔහුගේ දේහය පුරසයිවල්කම්හි පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
29
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?