දමිල සිනමාවේ ජනප්‍රිය තරුව ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වෙයි

දමිල සිනමාවේ අති ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ ඩැනියෙල් බාලාජි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ඊයේ (29) චෙන්නායිහි දී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අභාවප්‍රාප්තවන විට ඔහු 48 හැවිරිදි වියේ පසු වුණා.

දෙමළ චිත්‍රපටවල ප්‍රතිවීර චරිත රැසකට පණපොවා ඇති ඩැනියෙල් භාරතයේ මෙන්ම මෙරට සිනමාලෝලීන්ගේ හදවත් දිනාගත් රංගන ශිල්පියෙක්.

ඔහු ඊයේ පපුවේ වේදනාවක් හේතුවෙන් චෙන්නායි – කොට්ටිවාකම් හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙනවා.

අවසන් කටයුතු සඳහා ඔහුගේ දේහය පුරසයිවල්කම්හි පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
29
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03