ලසිත් මාලිංග සහ පාණ්ඩ්‍යා අතර සිදු වූ සිදුවීම ඉන්දීය මාධ්‍ය කළඹයි (වීඩියෝ)

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩි දෙනෙකුගේ අවදානය යොමුව ඇති කණ්ඩායම් නායකයා බවට මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා පත්ව සිටිනවා.

ඒ, ගුජරාට් ටයිටන්ස් නායකත්වයෙන් ඉවත්ව මෙවර තරගාවලිය වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් ඔහු මුම්බායි කණ්ඩායමේ නව නායකයා ලෙස පත්වීමෙන් පසු ක්‍රීඩා කළ පළමු තරග දෙකම පරාජයට පත්වීමට සිදුවීම ද විශේෂත්වයක්.

පසුගිය බදාදා අවසන් වරට සහභාගී වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් පිළ දැවැන්ත ප්‍රහාරයකට ලක්වීමත් සමඟ පාණ්ඩ්‍යාගේ නායකත්වය පිළිබඳව බොහෝ දෙනෙක් දෝෂාරෝපණ එල්ල කරන්නට වුණා.

මෙවැනි තත්ත්වයක් තුළ එදින තරගය අතර මැද සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවල සහ සමාජ මාධ්‍යයේ වැඩි අවදානයක් මතුව තිබෙනවා.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන කිරන් පොලාඩ් සහ ලසිත් මාලිංග වාඩි වී කතා කරමින් සිටින අතර තුර එම ස්ථානයට පැමිණෙන මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට අසුන ලබා දී ලසිත් මාලිංග එම ස්ථානයෙන් පිටව යන ආකාර අදාළ සිදුවීමේ දැක්වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මුම්බායි පන්දු යැවීමේ පුහුණුකරු ලසිත් මාලිංග කණ්ඩායමේ නායකයා නොසලකා හැර එම ස්ථානයෙන් පිටව ගිය බවයි.

“මාලිංගට පුටුවෙන් නැගිටින එක වළක්වන්නවත් හර්දික් උත්සාහ කළේ නැහැ. පොලාර්ඩ්ගේ මුහුණ දෙස බලන්න, ඔහුට සුවපහසුවෙන් නෙවෙයි ඉන්නේ. පාණ්ඩ්‍යා ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන්න දන්නේ නැහැ. එයාට වෙනත් පුටුවක් ගේන්න තිබුණා.” යනුවෙන් සඳහන් කරමින් එම වීඩියෝව ඉන්දීය මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00