කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ගරාජය තුළ අලුත්වැඩියාව සඳහා නතර කර තිබූ ලොරියක් මතට නැග ඒ අසල තිබූ කොස් ගසකින් ගෙඩියක් කඩන විට කෙක්ක දිගේ ගෙඩිය පැමිණ හිස මතට වැටී මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි මරණ පරීක්ෂකවරයා පැවසීය.

මිනුවන්ගොඩ රෝහලේදී මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හදිසි මරණ පරීක්ෂණය ඊයේ (04වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණි. මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

රේමන් අපෝන්සු – මීගමුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?