පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලද නීතිඥයෙක් වන්දි ඉල්ලයි

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වලකා නොගැනීම සම්බන්ධයෙන් තමන්ට සිදුවූ බරපතල මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් ‘ නීතිඥයෙක් රුපියල් මිලියන 500ක වන්දි ඉල්ලා තිබේ.

මේ අනුව නීතිඥ මෝදිත ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 12දෙනෙකු වෙත එන්තරවාසියක් යොමුකර ඇත.

නීතිඥ සුජීව ගුණතිලක මහතා මාර්ගයෙන් යොමුකර ඇති එම එන්තරවාසියේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, නීතිපති ඇතුළු 12දෙනෙකු නම්කර තිබේ .

දින 14ක කාලයක දී එම වන්දි මුදල ගෙවීම පැහැරහරිනු ලැබුවහොත් අධිකරණය හමුවේ නඩු පවරන බවටද එන්තරවාසිය තුළින් දැනුම් දී ඇත.

තවද පාස්කු ප්‍රහාරය වලකා නොගැනීම සම්බන්ධයෙන් ‘කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ද නීතිඥ මෝදිත ඒකනායක මහතා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස එන්තරවාසියක් යොමුකර තිබෙන බව වාර්තාවී ඇත. ඒ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර නොගැනීම සම්බන්ධයෙනි.

මීට අමතරව ෂැංග්‍රිලා හෝටලයේ තුළ සිදුවූ මරාගෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තමන්ට රුපියල් මිලියන 400ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා එම බෝම්බ ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ පියා ඇතුළු තිදෙනෙකුට එන්තර වාසියක් යවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46