AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන රහසිගතව සාක්ෂි දෙන්න හේතුව මෛත්‍රී හෙළිකරයි (වීඩියෝ)

මීට සති තුනකට පමණ පෙර ලැබුණ තොරතුරක් අනුව තමන් පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රකාශය ඊයේ (22) දිනයේ සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (23) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ තොරතුර දැනගත් වහාම තමන් අධිකරණයෙන් මේ පිළිබදව ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ඉල්ලීමක් කළ බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

තමන්ට කුමන හෝ අවස්ථාවක මේ පිළිබදව පැවසීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලැබුනහොත් තමන් මේ පිළිබදව අනිවාර්යෙන්ම රහසිගත සාක්ෂියක් ලබා දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවා.

ඒ ආකාරයේ රහසිගත සාක්ෂි ලබාදීමක් සිදුකරන්නේ එම කරුණු විවෘත්තව ප්‍රකාශ කළහොත් තමා සහ සිය දරුපවුල විනාශ වීම අනිවාර්යෙන් සිදුවීම හේතුවෙන් බවයි ඔහු සදහන් කළේ.

අදාළ සාක්ෂි තමන් දේශපාලනිකව නොව ඉතාම අවංකවභාවයෙන් යුතුව ලබා දෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
14
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?