චෙන්නායි සුපිරි රජවරු ජයග්‍රහණයකින් 2024 IPL ගමන අරඹයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (22) පැවති පළමු තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් ජය ලබන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

බැංගලූරු කණ්ඩායම පරාජය කරමින් චෙන්නායි කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 06කින්.

චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම තීරණය කළා.

ඒ, අනුව රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 173ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී බැංගලූරු ඉනිම ලකුණු 173ක් දක්වා ඉහළට ඔසවා තබන්නට අනුජ් රාවට් සහ දිනේෂ් කාර්තික් කටයුතු කළේ පිළිවෙලින් ලකුණු 48ක් සහ 38ක් ලබාගනිමින්.

ඊට අමතරව බැංගලූරු නායක ෆාෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ සිය හොඳම පන්දු යැවීම වාර්තා කළ මුස්තාෆිසුර් රහ්මාන් ලකුණු 29කට කඩුලු 04ක් බිඳ දැමුවා.

මෙම තරගයේ දී චෙන්නායි පිළ නියෝජනය කළ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර හතර තුළ ලකුණු 36ක් ලබා දුන්නා.

අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ චෙන්නායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට නායක රුතුරාජ් ගයික්වාඩ් සහ රචින් රවීන්ද්‍රට හැකියාව ලැබුණා.

එහිදී රචින් රවීන්ද්‍ර වේගවත් ලකුණු 37ක් රැස් කළ අතර, අජින්ක්‍යා රහනේ ලකුණු 27ක් චෙන්නායි ඉනිම වෙනුවෙන් රැස් කළා.

පන්දුවාර 18යි පන්දු 04ක් තුළ චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ශිවම් ඩුබේ සහ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 34 සහ 25 බැඟින් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව චෙන්නායි කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජයගත්තා.

ඊයේ තරගයේ සත්කාරකත්වය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් දරණු ලැබූ අතර, චෙන්නායි ක්‍රීඩාංගණයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිව අඛණ්ඩව ලැබූ 08 වන ජයග්‍රහණය මෙය වනවා.

දෙපිළ අතර චෙන්නායි හි එම්.ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී තරග 09ක් පවත්වා ඇති අතර, ඉන් තරගාවලිය ආරම්භ වූ 2008 වසරේ පමණක් බැංගලූරු කණ්ඩායම ජය වාර්තාකර තිබෙනවා.

ඒ, අනුව මෙය අයි.පී.එල් තරග ඉතිහාසයේ සත්කාරක කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වැඩිම තරග සංඛ්‍යාවක් අඛණ්ඩව ජයගත් පළමු අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08