ඕස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන්නා අයි.පී.එල් එන්න බෑ කියයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (22) දින චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තීරණය ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහුව පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගැනීමට කටයුතු කළා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 1.5 කොන්ත්‍රාත් ගිවිසුමක් යටතේයි.

කුමාර් සංගක්කාරගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් සංචිතය සතුව ඉන්දියාවේ සිටින ප්‍රධානම දග පන්දු යවන්නන් දෙදෙනකු වන ආර්. අශ්වින් හා යුස්වේන්ද්‍ර චෙහල් ද රැදී සිටිනවා.