පිළිකාකාරකය තවත් ආහාර රැසක – හෙලි කලහොත් සමාගම් කඩා වැටෙයි

ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක ඇෆ්ලටොක්සීන් වැනි පිළිකාකරක ඇතුළු ශරීරයට අහිතකර රසායනික අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාරය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසයි.

කෙසේ නමුත් එම ආහාර වර්ග මොනවාද, ඒවා ගෙන්වන සමාගම් මොනවාද යන්න ප්‍රසිද්ධියේ සඳහන් කළ නොහැකි බවත් එසේ වුවහොත් නිෂ්පාදන සමාගම්, ආනයන සමාගම් සම්පූර්ණයෙන් කඩා වැටෙන බව ඇය පෙන්වා දෙයි.

ප්‍රමිති ආයතනය ලෙස තම ආයතනයට සිදුකළ හැක්කේ අහිතකර දෑ අඩංගු ආහාර හඳුනා ගැනීම හා එවැනි ආහාර ආනයනය කරන ආයතනවලට අඩුපාඩු නිවැරදි කර ගන්නැයි දැනුම් දීම බවද සිද්ධිකා සේනාරත්න මහත්මිය සඳහන් කරයි.

පොල්තෙල් ආනයනය කරන සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය හිමිව ඇත්තේ ඉන් එක් සමාගමකට පමණක් බවත්, එම සමාගම ගෙන්වන පොල්තෙල් සම්පූර්ණයෙන් ශරීරයට හිතකර බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් ඇය පවසයි.

ශරීරයට අහිතක දෑ අඩංගු ආහාර හඳුනාගෙන ඒවා ප්‍රතිඅපනයනය කිරීම දිගු කලක සිට සිදුවන දෙයක් වන නමුත් ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම නිසා බවද ඇය පවසයි.

මේ අවස්ථාවේදී පමණක් එසේ සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ මැදිහත්වීමක් සිදු කළේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක් බවයි සේනාරත්න මහත්මිය පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46