AFC Banner
Empty Ad
Empty Ad

කුළුබඩු ප්‍රතිඅපනයනයට නිකුත් කළ ගැසට්ටුව අත්හිටුවීමේ තීරණයක්

කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු සහ කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ජරනු ලබන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) දිනයේ පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අදාළ ගැසට් නිවේදනය සම්බන්ධව විරුද්ධත්වය පළ කර ඇති බව සදහන්.

මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසරදීම මඟින් දේශීය කුළුබඩු නිෂ්පාදකයින් සහ ගොවීන් අධෛර්මත් වන බවත්, මේ හේතුවෙන් දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී දෙනු ලැබුවා.

එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ප්‍රමිතිය සඳහා මෙමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වන බවයි අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පවසා ඇත්තේ.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?