සිම්බාබ්වේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයෙන් හැමිල්ටන් මසකඩ්සා ඉවත්වෙයි

සිම්බාබ්වේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයෙන් එරට හිටපු නායක හැමිල්ටන් මසකඩ්සා ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ 2024 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැරිබියන් දූපත්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙන්.

හැමිල්ටන් මසකඩ්සා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 2019 වසරේ ඔක්තෝම්බර් මාසයේදී අදාළ තනතුරට පත් කරනු ලැබුවා.එමෙන්ම මිට මාස තුනකට පමණ පෙර සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ඩේව් හූටන් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

තම රටෙහි ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක අසාර්ථකභාවයන් සහ තමන්හට පැවරී ඇති වගකීම් හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද මසකඩ්සා ලබා දුන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් තිබෙනවා.

එමෙන්ම උගන්ඩාව හමුවේ ලැබූ දරුණු පරාජයෙන් අනතුරුව 2024 පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගී නොවන එකම පූර්ණ සාමාජික රට බව සිම්බාබ්වේ කණ්ඩායම පත්ව තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06