මඩකලපුව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ පසුගිය දිනෙක පැවැති ග්‍රාමීය ආර්ථික සංවර්ධන රැස්වීමක් සදහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කර තිබූ ආරාධනාවක් අවලංගු කිරීමට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මේ වනවිට මතුව තිබේ.
මෙම රැස්වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබිණ.
මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණන්කරන් විසින් දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන ගෝවින්දන් කරුණාකරන් සහ ශානක්‍යයන් රාසපුත්‍රම් රසාමනික්කම් යන අයද ඒ අතර වූහ.
ඊළඟ දවසේ දිස්ත්‍රික් ලේකම්වරයා මෙම මන්ත්‍රීවරුන්ට කතා කොට රැස්වීමට සහභාගි නොවන ලෙස දැනුම් දී ඇති අතර “ඉහළ බලධාරීන්ගේ” උපදෙස් මත ආරාධනා අවලංගු කර ඇති බව ඔවුන්ට දන්වා ඇත.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් දෙදෙනාම රැස්වීමට සහභාගී වී ක්‍රීඩා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේ ආරාධනා අවලංගු කළේ මන්ද යන්නයි. නමුත් නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කිසිවක් දැන සිට නැත. ඒ අනුව එම මන්ත්‍රීවරුන් විසින් සිය ආරාධනා අවලංගු කිරීමට අවශ්‍ය වී ඇත්තේ පිල්ලයාන් මන්ත්‍රීවරයාට බව සොයාගෙන තිබේ.
mauwrata news














