ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ රටවල් හයක තානාපතිවරුන් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (6) පැවැත්වුණා.
මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුවත් කළා.
තුර්කි ජනරජයේ තානාපතිනි ඩෙමෙට් සීකර්සිඔග්ලු,පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය ෂුහයිර් එම්. එච්. දාර් ශයිඩ්, බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස් අරිෆුල් ස්ලාම්, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති ගුස්ටිනා ටොබින්, මැලේසියානු මහකොමසාරිස් හිෂාම් බීන් ඇඩම් සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි ෆාතිමාත් ජීනා යන අය එක්විය.
රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළ බව ජාතික ජනබලවේගය පැවසීය




