ඇල ඉවුරක නාඳුනන පිරිමි මළ සිරුරක්

බුත්තල පොලිස් වසමේ පෙරහැර මාවත ප්‍රදේශයේ ඇල මාර්ගයක ඉවුර මත තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (27) දින හමුව තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මිය ගොස් ඇති පුද්ගලයා අවුරුදු 70ත් 75ත් අතර උස අඩි 05යි අඟල් 11ක් පමණ වන කොන්ඩය කොටට කපා ඇති හිසමුදුන තට්ටය පෑදී ඇති තලෙළු සිහින් සිරුරක් ඇති යටි කයට සුදු පැහැති සරමක් හැඳ සිටි අයෙකි.

හසිදි මරණ පරීක්ෂණය සිදු කර මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?