භාණ්ඩ කිහිපයක මිල තවත් අඩුකෙරේ

එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකි බව වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මිල අඩු කෙරෙන භාණ්ඩ පිළිබඳ දැනුම්දීම සඳහා අද (02) වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය.

ඒ අනුව වෙළෙඳපොළෙහි රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කිරීමට තීරණය කර තිබේ. වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක පවතින මිල රුපියල් 135ක් වුවද ලබන සඳුදා සිට එම තේ කොළ ග්‍රෑම් 100ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 95කට ය.

දැනට රුපියල් 550ක පමණ මිලකට අලෙවි කෙරෙන සෝයා තෙල් මිලි ලීටර 500ක් රුපියල් 310කට ලබා ගත
හැකිය. රුපියල් 350කට අලෙවි කෙරෙන අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250 දක්වා අඩු කෙරෙන බව අමාත්‍යවරයා පවසයි. අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150 තෙක් අඩු කර තිබේ. SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල වන්නේ රුපියල් 14කි.

එමෙන්ම අභ්‍යාස පොත්වල දැනට පවතින මිලට වඩා සියයට 20ක් අඩුවෙන් අලෙවි කෙරේ.දිවයින පුරා සියලුම සතොස අලෙවිසැල්වලින් ලබන සඳුදා සිට නව මිලගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත
හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53