“මම පැණියට සමු දුන්නා ” – ධම්මික පැණි වෙද මහතා

“දැන් මම බෙහෙත් හදන්නේ නැහැ. බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා. මී පැණි හම්බ වුණත් මම ආයෙත් බෙහෙත් හදන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා.මම හැදුවේ ලංකාවේ කොවිඩ් නැති කරන්න. විදේශ විනිමය උපයා දෙන්න. ඒත් රටේ වැඩි පිරිසක් බෙහෙතට කෙනෙහිලිකම් කරා” යැයි ධම්මික බණ්ඩාර වෙද මහතා කලකට පසු මාධ්‍ය අමතමින් සදහන් කරයි.

මීට මාස තුනකට පමණ පෙර කෑගල්ලේ පිහිටි වෙද මහතාගේ නිවසටත්, උඩු මාගම දේවාලයටත් වැල නොකැඩි පැමිණි සෙනග අද දක්නට නොමැති අතර වෙද මහතාගේ “ධම්මික පැණිය” පිළිබඳව බොහෝ පිරිස් විවිධ මත පළ කිරීමට පටන්ගැනීමත්, වෙද මහතාගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීමත් මෙන්ම කොරෝනා මඩින එන්නත මෙරටට ගෙන ඒමත් සමග එසේ වැල නොකැඩී පැමිණි ජනතාව පැණියෙන් ඈත්වන්නට පටන් ගන්නා ලදී.

“ධම්මික පැණිය” නමින් ප්‍රසිද්ධව සිටි බණ්ඩාර වෙද මහතා මේ වන විට පැණිය නිෂ්පාදනය කිරීමට භාවිතා කළ භාජන සහ උපකරණ කෑගල්ල ඔත්නාපිටිය සිය නිවසේ පැත්තක අසුරා තිබෙන බව පෙන්වා දෙයි.

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ලබාදුන් කැබලි කරන යන්ත්‍රයද පසෙකට දමා තිබෙන අතර හිස් ගෑස් සිලින්ඩර තොගයක් මෙන්ම හිස් කාලේ වීදුරු බෝතල් දහස් ගණනක් ද දකින්නට ලැබෙන අතර එදා ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් මෙන්ම උදව්වට සිටි සේවකයන්ද අද එහි නැති බව වාර්තා වේ.

බෙහෙත හදන්නට ගොස් තමාට මුහුණ දීමට සිදු වූ ආර්ථික පාඩුව පිළිබඳවද අදහස් දක්වන බණ්ඩාර වෙද මහතා “බෙහෙත හදන්න මුදල් හොයන්න මම මගේ ළඟ තිබුණු වාහන හයක් වික්කා. බැතිමතුන් දුන්න මුදල්, මගෙත් එක්ක වැඩ කරපු අය රත්තරන් බඩු පවා උකස් කරලා සොයාගත් මුදල් මුලින් තමයි මේ බෙහෙත හැදුවේ. වෙන කාගෙන්වත් සල්ලි ලැබුණේ නැහැ. හැමෝම මේ බෙහෙතට අගෞරව කළා මිස කවුරුත් උදව් කළේ නැහැ.” යයිද සඳහන් කරයි.

පැණිය නිෂ්පාදන කිරීමට අවශ්‍ය සාදික්කා කැපීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් යන්ත්‍රයක් ලැබුණා මිස ලක්ෂ 25 ක යන්ත්‍ර ලැබුණෙ නැති බව පෙන්වා දෙන වෙද මහතා සාදික්කා ප්‍රවාහනයට ශීතකරණ පහසුකම් තිබෙන කුඩා ලොරියක් සිය පුතාගේ නමින් ගත්  බවත් ඒ සඳහා රු.ලක්ෂ 25 ක ණයක් ගත් අතර එය දැන් ටික ටික ගෙවන බවද සඳහන් කරයි.

“ධම්මික පැණිය” ලක්ෂ 25 ක පිරිසකට දුන් බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බෙහෙත හරියට පානය කිරීම නිසා කොවිඩ් නොවැළඳුණු බවත් පෙන්වා දෙන වෙද මහතා බෙහෙත් හදන්න අවශ්‍ය දේ ගන්න තමා අද ජීවත්ව සිටින නිවසක් විකිණීමට තීරණය කළ බවද අවධාරණය කරයි.

“ධම්මික පැණිය” දෙවියන්ගේ ඖෂධයක් බව පෙන්වා දෙන වෙද මහතා තමන් කාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් වෛද්‍යවරුන් සුව කරන්න බැහැයි කියපු රෝගීන්ද තමා සුව කර තිබෙන බවද සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09