AFC Banner
Empty Ad
Empty Ad

පවතින උෂ්ණත්වය ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මේදිනවල පවතින දැඩි උෂ්ණත්වය දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි.එසේම, අධික උණුසුම හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ද ඇති විය හැකිය

වැඩබිම්වල සිටියදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.පවතින උණුසම් කාලගුණය හේතුවෙන් කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇදුම් භාවිත කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
3
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?