පාඨලී චම්පික ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට දින දෙයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර තිබෙන අභියාචනා පෙත්සම මැයි මස 15 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියෝග කළා.

මෙම පෙත්සම අද (22) දින ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සම විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාළ පෙත්සමේ විභාගය මැයි මස 15 වනදා සිදුකිරීමට ද අධිකරණය නියෝග කළා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරියේ ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර සිටියා.

එම අධි චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාඨලි චම්පික රණවකගේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ අතර එම මූලික විරෝධතා මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කොට නඩු විභාගය පැවත්වීමට තීන්දුකර තිබුණා.

මහාධිකරණ විනිසුරුවරයාගේ එම තීන්දුව නීති විරෝධී බවට තීන්දු කොට එම අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාඨලී චම්පික රණවක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝග කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20