සධීර සමග ඇන්ජි අවසන් මොහොතේ ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවයි – ඇෆ්ගනුවන්ට ප්‍රබල ඉලක්කයක්

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරු හතට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තාන ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් යුගලය සාර්ථක ආරම්භයක් ලබගත්තා.

එහිදි පැතුම් නිස්සංක ලකුණු 25ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 23ක් රැස් කළා.

නායක වනිදු හසරංග පන්දු 09ක් තුළ වේගවත් ලකුණු 29ක් ශ්‍රී ලංකා ඉනිමට එක්කළ අතර ඔහුගේ දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම ලකුණු 51ක් රැස්කරමින් සිය උපරිම දායකත්වය ශ්‍රී ලංකා ඉනිමට ලබා දුන්නා.

සධීර අද රැස් කළේ සිය පළමු 20-20 අර්ධ ශතකයයි.

ඇන්ජලෝ මැතිව්ස් ‍ලකුණු 42ක් රැස් කළ අතර 19 වන පන්දුවාරයේ දී ඔහු පිට පිට හයේ පහරවල් තුනක් එල්ල කරමින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්න්ට පීඩනයක් එල්ල කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබී කඩුලු දෙකක් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 02ක් බිද දැමුවා.

ඒ,අනුව මෙම තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තානයට පන්දු 120ක් තුළ ලකුණු 188ක් රැස්කරගත යුතුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?