රූපලාවණ්‍ය ශිල්පිනියගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වැරදේ

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ප්‍රචාරය කිරීම සම්බන්ධ‍යන් වරද පිළිගත් තරුණියකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් ඊයේ (1 වැනිදා) නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සැකකාරියට එරෙහිව නගා තිබූ චෝදනා තුනකට වරද පිළිගැනීම නිසා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස දඬුවම් නියම කළේය.

සැකකාරියට මාස 6ක සිරදඬුවමක් නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, එම සිරදඬුවම වසර 10කට අත්හිටුවනු ලැබීය. ඊට අමතරව රුපියල් 1500ක දඩ මුදලක් ගෙවන ලෙස සැකකාරියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් තවත් අමතර මාස 3ක සිරදඬුවම් නියම කළෝය.

මෙලෙස අත්හිට වූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම වූයේ පොළොන්නරුවේ පදිංචි රසිකලා සඳමාලි ලියනගේ නමැති සැකකරියකටය.

පොළොන්නරුව ප්‍රදේශ​යේ පදිංචි රූපලාවණ්‍ය ශිල්පිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරියට නඩුව පවරා තිබුණි.

ඉෂාර රත්නකාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09