වගා ලිඳට වැටුණු වන අලි පැටවෙකුට වනජීවී නිලධාරීන්ගේ පිහිට

මරදන්කඩවල පල්ලෙකාගම ප්‍රදේශයේ වගා බිමක තිබූ, අනාරක්ෂීත වගා ලිදකට වැටී අලි පැටවකු නිරුපද්‍රිතව ඉන් ගොඩ ගෙන යළි වනයට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී නිලධාරීහු අද (18) කටයුතු කළා.

එම වන අලි පැටවා වගා ළීදට වැටී සිටිනු දැක ඇති ප්‍ර ‍දේවාසීන් ඒ සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන තිබිණා.

ප්‍ර ‍දේවාසීන්ගෙන් ලත් දැනුම් දීමට අනුව එම ස්ථානයට පැමිණි ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් එම අලිපැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදි.

මෙලෙස අනාරක්ෂිත වගා ළීදට වැටී සිටි වන අලි පැටවා වයස අවුරුදු 5 ක පමණ වූ පැටවෙකු වන අතර මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිට පෙරදින රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුන වන අලි රංචුවක සිටි වන අලි පැටවකු බවට වනජීවි නිලධාරීහු අනුමාන කරයි.

මෙලෙස නිරුපද්‍රිතව ළිදෙන් ගොඩට ගත් එම වන අලි පැටවා පසුව එම පැටවාගේ මව් කෙනෙර ගැවසෙන බව කියන පල්ලෙකාගම වැව් රක්ෂිතයට ආරක්ෂීතව පලවාහැරීමට වනජීවී නිලදාරීහු කටයුතු කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?