වගා ලිඳට වැටුණු වන අලි පැටවෙකුට වනජීවී නිලධාරීන්ගේ පිහිට

මරදන්කඩවල පල්ලෙකාගම ප්‍රදේශයේ වගා බිමක තිබූ, අනාරක්ෂීත වගා ලිදකට වැටී අලි පැටවකු නිරුපද්‍රිතව ඉන් ගොඩ ගෙන යළි වනයට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී නිලධාරීහු අද (18) කටයුතු කළා.

එම වන අලි පැටවා වගා ළීදට වැටී සිටිනු දැක ඇති ප්‍ර ‍දේවාසීන් ඒ සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන තිබිණා.

ප්‍ර ‍දේවාසීන්ගෙන් ලත් දැනුම් දීමට අනුව එම ස්ථානයට පැමිණි ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් එම අලිපැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදි.

මෙලෙස අනාරක්ෂිත වගා ළීදට වැටී සිටි වන අලි පැටවා වයස අවුරුදු 5 ක පමණ වූ පැටවෙකු වන අතර මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිට පෙරදින රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුන වන අලි රංචුවක සිටි වන අලි පැටවකු බවට වනජීවි නිලධාරීහු අනුමාන කරයි.

මෙලෙස නිරුපද්‍රිතව ළිදෙන් ගොඩට ගත් එම වන අලි පැටවා පසුව එම පැටවාගේ මව් කෙනෙර ගැවසෙන බව කියන පල්ලෙකාගම වැව් රක්ෂිතයට ආරක්ෂීතව පලවාහැරීමට වනජීවී නිලදාරීහු කටයුතු කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27