මරදන්කඩවල පල්ලෙකාගම ප්‍රදේශයේ වගා බිමක තිබූ, අනාරක්ෂීත වගා ලිදකට වැටී අලි පැටවකු නිරුපද්‍රිතව ඉන් ගොඩ ගෙන යළි වනයට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී නිලධාරීහු අද (18) කටයුතු කළා.
එම වන අලි පැටවා වගා ළීදට වැටී සිටිනු දැක ඇති ප්‍ර දේවාසීන් ඒ සම්බන්ධයෙන් ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන තිබිණා.
ප්‍ර දේවාසීන්ගෙන් ලත් දැනුම් දීමට අනුව එම ස්ථානයට පැමිණි ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් එම අලිපැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදි.
මෙලෙස අනාරක්ෂිත වගා ළීදට වැටී සිටි වන අලි පැටවා වයස අවුරුදු 5 ක පමණ වූ පැටවෙකු වන අතර මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිට පෙරදින රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුන වන අලි රංචුවක සිටි වන අලි පැටවකු බවට වනජීවි නිලධාරීහු අනුමාන කරයි.
මෙලෙස නිරුපද්‍රිතව ළිදෙන් ගොඩට ගත් එම වන අලි පැටවා පසුව එම පැටවාගේ මව් කෙනෙර ගැවසෙන බව කියන පල්ලෙකාගම වැව් රක්ෂිතයට ආරක්ෂීතව පලවාහැරීමට වනජීවී නිලදාරීහු කටයුතු කළා