AFC Banner
Empty Ad
Empty Ad

මාදම්පේ – තිණිපිටිය වැවේ තරුණයෙකුගේ මළ සිරුරක්

මාදම්පේ – තිණිපිටිය වැවේ තිබී දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (17) සවස සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ නැවතී සිටි මිලාන් චතුරංග නැමැති 26 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක්.

ඊයේ (17) පස්වරුවේ මසුන් මැරීම සඳහා වැවට ගිය පුද්ගලයෙක් මෙම මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශණ කටයුතු සිදුකර ඇති අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?