Empty Ad
AFC Banner
AFC Banner

පිය පුතු දෙපළ වස බී සියදිවි නසාගෙන

49 හැවිරිදි පියා සහ 25 හැවිරිදි පුත්‍රයා වස පානය කර සියදිවි හානිකරගත් පුවතක් අගුණුකොලපැලැස්ස, මුරවැසිහේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (14) පස්වරුවේ මොවුන් දෙදෙනා මෙලෙස වස පානය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානිකරගත් 25 හැවිරිදි පුත්‍රයා මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයෙක්වන අතර, එම රෝගයට කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පෙරේදා (13) දිනයේ නිවසට පැමිණ තිබෙනවා.

මව සහ අනෙක් දරුවන් දෙදෙනා ඊයේ (14) පස්වරුවේ බෝධි පූජාවක් සඳහා විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී මොවුන් දෙදෙනා මෙලෙස වස පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වස පානය කළ පිය පුතු දෙපළ රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරයන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා තංගල්ල මූලික රෝහල වෙත යොමුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ අද (15) එහිදී සිදුකිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
16
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?