ඉන්ධන මිල අඩුවෙනවා වැඩිවෙනවා… – ජොන්ස්ටන්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීම කුරණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහි දී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්, වාරි සෞභාග්‍යා වැඩසටහන මගින් ක්‍රියාත්මක වාරිමාර්ග ව්‍යාපෘතීන්, දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන්, විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් විදුලිය ලබා දීමේ ව්‍යෘපෘතීන්, පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීම, ඉඩම් ඔප්පු ලබා දීම ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන පොදු ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය උපදෙස් අදාල රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන ලදී.

මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා.

ප්‍රශ්නය – පළාත් සභා මැතිවරණය ගැන රජයේ ස්ථාවරය කුමක්ද?

පළාත් සභා මැතිවරණය තියන්න ඕනෑ. අපේ රජය බලයට ආවේ කිසිම මැතිවරණයක් කල් තියන්න නොවෙයි. මැතිවරණ නොතියන එකට විරුද්ධව පාරට බැහැපු අය තමයි අපි. ඒ නිසා නිසිකලට වේලාවට මැතිවරණ තියන්න ඕන. කිසිම විදියකින් මැතිවරණය කල්දැමිය යුතු නැහැ.

ප්‍රශ්නය – අලුතින් ගෙනා වරාය නගර සැලසුම් පනතින් විදේශ ආයෝජකයින් සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් වෙනවාද? එයින් රටට වෙන වාසිය කුමක්ද?

බදු වලින් නිදහස් වී රටට ආයෝජකයන් එනවා නම් ඒක හොදයි. ‍ එදා ජේ.ආර් ජයවර්ධන මහත්තයා තමයි බදු නිදහස් කෙරුවේ. දැන් තමයි විපක්ෂයට බදු නිදහස් කරන ඒවා පෙනෙන්නේ. බදු නිදහස් කරන ඒවා විවෘත ආර්ථිකය හරහා මේ රටට ඉගැන්නුවෙ එක්සත් ජාතික පක්ෂයයි. ආයෝජකයෝ එනකොට ආයෝජකයන් මේ රටට ගෙන්නගන්න අපිට ක්‍රම සහ විධි තියෙන්න ඕන. එම නිසා නිදහස් කළ යුතු බදු අපි නිදහස් කළ යුතුයි. ඒවා වළක්වනවා කියන්නේ ආයෝජකයෝ මෙරටට එන එක නතර කරන්න හදන වැඩපිළිවෙලක්. බදු දුන්නා, බදු නිදහස් කරා කිය කිය විපක්ෂය කරන්න හදන්නෙ මේ රටට ආයෝජකයො එන එක නවත්වන්න. ආයෝකයන්ව මේ රටට ගෙන්වගන්න තියන ක්‍රමයක් තමයි මේ ක්‍රමය.

ප්‍රශ්නය – එම පනතේ සඳහන් වෙනවා කැසිනෝ ශාලාවල් මේ රටේ ආරම්භ කරන්න පුළුවන්ද කියලා. කැසිනෝවලින් ලංකාවේ සෛවරීත්වයට හානියක් සිදු වෙනවද?

වරාය නගර සැලසුම් පනත මම සම්පූර්ණයෙන් කියවලා නැහැ. කැසිනෝ සමාජ ශාලා දැනටත් ශ්‍රී ලංකාවෙ තිබෙනවා. කැසිනෝ සමාජශාලා මේ රටට ගෙනාවෙත් එක්සත් ජාතික පක්ෂයයි. මේ සූදු සියල්ල ශ්‍රී ලංකාවට ගෙනාවෙ එක්සත් ජාතික පක්ෂය.මතක නැද්ද සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ තාත්තා ජෝසිම් ගෙනාවෙ ලංකාවට ඒ කාලෙ හිටපු කැසිනෝ රජානෙ.

ප්‍රශ්නය – පිලිකා කාරක පොල්තෙල් වෙළඳපොලේ තියනව කියලා මතයක් යනවා?? රජයක් විදියට ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

රජයක් විදියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. පොල්තෙල් විතරක් නෙවෙයි සත්ව ආහාර පවා මිනිස්සුන්ගෙ පරිභෝජනයට ගෙනාව කියලා ලංකා ඉතිහාසයේ අපි අහල තියනවා. මේවා ව්‍යාපාරිකයො කරන දේවල්. ඔවුන් හිතාමතා කරනවාද හොරෙන් කරනවද කියල දන්නේ නැහැ. කොහොම කෙරුවත් ඒවයේ ප්‍රමිතිය බලන්න ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතන තියනවා. ඒ ආයතන හරහා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුව පොල්තෙල් ගේන්නේ නැහැ. අපේ ආණ්ඩුව එවැනි දේවලට කිසිසේත්ම ඉඩ දෙන ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා තමා මේ දේවල් අපිට අහුවෙන්නෙ. එම නිසා නීතිය අනුව දඩුවම් කළ යුතුයි.

ප්‍රශ්නය – විපක්ෂයෙන් චෝදනා කරනවා අවුරුදුකාලයට තෙලුත් නෑ කහත් නෑ කොහාට නගින්න ගසුත් නෑ කියලා.?

විපක්ෂයට වෙන දේවල් කියන්න නැති නිසා මේ වගේ පුහු දේවල් කියන්න වෙනවා. විපක්ෂය කන්න විතරක් නෙවෙයි, ජීවත්වෙන්න බැරි යුගයක් තමයි අපිට යහපාලන කාලයේ දී නිර්මාණය කරල දුන්නේ. මිනිස්සුන්ගේ ජාතික ආරක්ෂාව විනාශ කෙරුවා. අද කන එක ගැන හරි කතා කරන්න ඉඩ ලැබිල තියෙන්නේ ජීවත්වීමේ නිදහස අපිට ලැබිල තියෙන නිසායි. ඒ නිසා මේ පොල්තෙල් අල්ලගෙන මෙයාලා තාවකාලිකව සුමානයක් විතර දගලනවා. එන්නතට දැගලුවා, කොවිඩ් වල එල්ලුනා, මහ මැතිවරණයට එල්ලුනා. දැන් තියෙන්නේ තාවකාලික දේවල් අල්ලගන දගලන විපක්ෂයක්. මතයක් ගොඩනගන්න හදනවා 2015ට කලින් වගේ. මම හිතන්නේ නැහැ බුද්ධිමත් ජනතාව මේවට අහුවෙයි කියලා.

ප්‍රශ්නය – ඉන්ධන මිල වැඩිවීමක් ලගදි සිදුවෙනවාද?

ඉන්ධන මිල අඩුවෙනවා වැඩිවෙනවා. ලංකා ඉතිහාසයේ ඉන්ධනවලට එක මිලක් තිබුණෙ කවදද?. ඉන්ධන මිල ලෝක වෙළඳපොළේ වැඩි වෙද්දි වැඩිවෙනවා, අඩු වෙනකොට අඩුවෙනවා. ඒක අපි දැකල තියෙනවා. අද මම කිව්වොත් ඉන්ධන මිල වැඩි වෙනවා කියලා හෙට ඉන්ධන පිරවුම්හල් හිමියෝ සේරම ඉන්ධන විකුණන්නේ නැතිව තියාගන ඉන්නවා වැඩි වුණාම වැඩි මිලට විකුණන්න. එහෙම තීන්දුවක් ගැන ඔබතුමා දන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ. ඒකතමා ඇත්ත කතන්දරේ. බදු වැඩි කරන ඒවා බොහොම උපක්‍රමශීලීව හැම රජයකින්ම වෙන්න ඕන. නැත්තම් කියයි හොරකම් කරන්න ඉඩ දුන්නා කියලා. සීනි මිල සතවිසිපහකින් අඩුකළාම කිව්වෙත් ඒ වගේ කතා තමයි.

මාධ්‍ය අංශය
මහාමාර්ග අමාත්‍යාංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09