IDH රෝහලෙන් ඇසුණු සුබ පණිවිඩය

අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධාන රෝහල ලෙස ක්‍රියාත්මක වන්නේ අයි.ඩී.එච්. රෝහලයි. කොරෝනා ආසාදිතයන් දෙසීයකට වැඩි පිරිසක් අයි.ඩී.එච්. රෝහලේ මෙයට පෙර ප්‍රතිකාර ගත් බව කී රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝගීන් සංඛ්‍යාව මේ වන විට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි ද ප්‍රකාශ කළා.

රෝහලේ සියලුම වාට්ටු පසුගිය කාලයේ එක්තරා අවස්ථාවක සම්පූර්ණයෙන්ම පිරී පැවැතුණ බව ද අත්තනායක මහතා පවසනවා. එන්නත්කරණයත් සමගම කොරෝනා රෝග ව්‍යාත්තිය පහත බැසීම රෝගීන් සංඛ්‍යාව අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව බවත් රෝගීන් සංඛ්‍යාව මෙලෙස අඩුවී ඇතත් ඕනෑම අවදානමකට මුහුණදීමට රෝහල් පහසුකම් සූදානම් බවත් එහි නිලධාරීහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
141
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?