පිරිමි මැරතන් ලෝක වාර්තාවේ හිමිකරු ‘කෙල්වින් කිප්ටම්’ රිය අනතුරකින් මරුදකී

පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් හදිසියේ ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

24 හැවිරිදි වියේ පසු වූ ඔහු කෙන්යාවේ දී රිය අනතුරකට ලක්ව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුරින් ඔහුගේ පුහුණුකරු වූ ගර්වයිස් හකිසිමානා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය ඊයේ (11) රාත්‍රියේ රිෆ්ට් නිම්නයේ එල්ඩෝරෙට් නගරයෙන් පිටත අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේදී ම ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි කෙන්යානු පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී මලල ක්‍රීඩකයා මෝටර් රථය පදවා ඇති අතර, ඔහුගේ පාලනයෙන් මිඳුනු මෝටර් රථය මාර්ග අසල තිබූ විශාල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙල්වින් කිප්ටම් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී චිකාගෝ හිදී, මීට පෙර කෙන්යානු මැරතන් ක්‍රීඩක කිප්චෝ තබා තිබූ ලෝක වාර්තාව බිඳ දැමුවේ සැතපුම් 26.1ක දුරක් පැය දෙකයි තත්පර 35 කින් අවසන් කරමින්.

එම ජයත් සමඟ කිප්ටම් කිප්චෝගේ අනුප්‍රාප්තිකයා ලෙස කෙල්වින් කිප්ටම්ව හඳුන්වනු ලැබූ අතර, පැය දෙකකට අඩු කාලයක දී මැරතන් ධාවන තරගයක් අවසන් කිරීමට හැකි තරඟකරුවෙකු බවට ඔහු පත්ව සිටියා.

කෙල්වින් කිප්ටම් මීට වසර හතරකට පෙර ඔහුගේ පළමු ප්‍රධාන මැරතන් තරඟයට තරඟ කළේ තමාගේම කියා සපත්තු යුගලයක් ලබාගැනීමට නොහැකිව, ණයට ගත් සපත්තු යුගළයක් පැළඳගෙනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
10
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03