අධිආරක්ෂිත බූස්ස බන්ධානාගාරයේ වාට්ටු දෙකක කොමියුනිකේෂන් එකක් (වීඩියෝ)

බූස්ස අධිආරක්ෂිත බන්ධානාගාරය තුළ රහසිගතව සඟවා තිබූ ජංගම දුරකථන තුනක් සොයා ගැනීමට විශේෂ කාර්යය බලකා නිලධාරීන් සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දුරකථනවල හිමිකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට හැකි වී නැහැ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියත්මක වන පළමු සහ එකම අධිආරක්ෂිත බන්ධනාගරය වන බූස්ස බන්ධානාගාරයෙහි රඳවා තබා ඇත්තේ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූවන් සහ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරුවන්.

කෙසේ වෙතත් ඊයේ (10) බන්ධනාගාරයේ A සහ D පැරණි අංශවල වාට්ටු තුළ කළ වැටලීමකදී එහි පොළව හාරා සූක්ෂමව සඟවා තිබූ ජංගම දුරකථන සහ උපාංග සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා.

මෙම උපාංග අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 01ක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 02ක් , සිම්පත් 04ක්, මෙමරි චිප් 01ක්, දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02ක් හා හෑන්ඩ් ෆ්‍රී 01ක් ද වනවා.

මේ සම්බන්ධයෙන් බන්ධානාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒවායේ හිමිකරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණ කර ගැනීමට හැකි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33