මන්දකට හසු වී කඳුකර කොටියෙකු මියයයි

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොළ තුළ මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

වනජීවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා සඳහන් කර සිටියේ, මන්දට හසු වී සිටි කොටියාගේ උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව තිබු බවය.

අවුරුදු 10 පමණ වයසැති අඩි 8 පමණ දිගකින් යුත් හොඳින් වැඩුණු කඳුකර කොටියා පිරිමි සතෙකු වන අතර, පසුගිය මාර්තු 24 වන දින බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේ රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට හසු ව තිබුණි.

පසුව කොටියා ව නිර්වින්දනය කර රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර කරමින් සිටිය දී එලෙස මියගොස් තිබේ.

මියගිය කඳුකර කොටියා මන්දට හසු වු ප්‍රදේශයේ සහ රක්ෂිතය තුළ දඩයම්කරුවන් විසින් අටවා තිබු මදු විශාල ප්‍රමාණයක් ගලවා ඉවත් කිරීමට නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරින් සහ බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ සේවකයින් පසුගිය දා කටයුතු කර තිබුණි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?