logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කෝවිල්ගමට ආ යෝධ කිඹුලෙක් නිරුපද්‍රිතව අල්ලාගෙන මුදාහරී

කන්තලේ, කෝවිල්ගමට පැමිණි අඩි 13ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු නිරුපද්‍රිතව අල්ලාගෙන මුදාහැරීමට කටයුතු කල බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

කිඹුලෙකු තම ගෙවත්ත ආසන්නයට පැමිණ සිටින බව දුටු ප්‍රදේශවාසියෙක් ඒ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අඩවි කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

කිඹුලා හමුවූ ස්ථානයට ආසන්නව කන්තලේ ජලාශයද පිහිටා ඇති බැවින් කන්තලේ වැවෙහි සැරි සැරු කිඹුලකු මෙලෙස ගම් වැදී ඇති බවත් කිඹුලාගේ ආරක්ෂාව සඳහාත් අසල පිහිටි වාරි ඇලවල් වෙත ගියහොත් මිනිස් ජීවිතවලටද හනි විය හැකි බැවින් කිඹුලා අල්ලා සෝමාවතීය ජාතික උද්‍යානය වෙත මුදාහැරීමට කටයුතු කල බවත් කන්තලේ වනජීවී අඩවි ආරක්ෂක අචින්ත විමලදාස පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?