ලුණු සමාගමේ ප්‍රධාන විධායක ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය අජිත් ෂන්මුගනාදන් එම තනතුරෙන් ඉවත් කරමින් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළා.

තම තනතුර අහිමි කිරීමට එරෙහිව ආචාර්ය අජිත් ෂන්මුගනාදන් මහතා විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් පරිවාස කාල සීමාව අවසන් කිරීමෙන් අනතුරුව තම සේවය ස්ථිර කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබූ බවයි.

එසේ තිබියදී සිය සේවය අහිමි කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කළ බව සඳහන් කළ පෙත්සම්කරු තමන්ගෙන් පළිගැනීමේ චේතනාවකින් හා ද්වේශ සහගත අරමුණකින් සිය සේවය අහිමි කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් කරයි.

ඒ අනුව තම සේවය අහිමි කරමින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54