spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලුණු සමාගමේ ප්‍රධාන විධායක ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය අජිත් ෂන්මුගනාදන් එම තනතුරෙන් ඉවත් කරමින් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළා.

තම තනතුර අහිමි කිරීමට එරෙහිව ආචාර්ය අජිත් ෂන්මුගනාදන් මහතා විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් පරිවාස කාල සීමාව අවසන් කිරීමෙන් අනතුරුව තම සේවය ස්ථිර කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබූ බවයි.

එසේ තිබියදී සිය සේවය අහිමි කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කළ බව සඳහන් කළ පෙත්සම්කරු තමන්ගෙන් පළිගැනීමේ චේතනාවකින් හා ද්වේශ සහගත අරමුණකින් සිය සේවය අහිමි කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් කරයි.

ඒ අනුව තම සේවය අහිමි කරමින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?