ශ්‍රී ලංකාව මංගල තරගයේ ජය පෙනෙන මානයේ – ජයසූරිය ඇෆ්ගන් ඉනිම සුණු විසුණු කරයි

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 296ක් රැස් කළා.

ඒ, මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 56ක ඉලක්කයක් ලබා දෙමින්.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 241ක් පිටුපසින් සිටිමින් ඇෆ්ගනිස්ථාන සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර, ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 114ක් රැස් කළා.

ඔහු සමඟ දෙවන කඩුල්ලට වටිනා සම්බන්ධතාවක් ගොඩ නැඟූ රහමත් ෂා ලකුණු 54ක් රැස් කළ අතර, නූර් අලි සද්රන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 47ක්.

සිව්වන දිනට අද (05) උදෑසන තරගය ආරම්භ කරන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියා.

අද දිනයේ ඇෆ්ගනිස්ථාන දෙවන ඉනිමට තවත් ලකුණු 97ක් එක්වෙද්දී ඉතිරි කඩුලු 09 දවාගන්නට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණියට හැකියාව ලැබුණා.

එහිදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් බිඳ දැමුවා.

ඇෆ්ගනිස්ථානය ඔවුන්ගේ පළමු ඉනිමට ලකුණු 198ක් රැස්කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 439ක් රැස්කළා.

දෙරට අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 56ක ඉලක්කයක් මේ වනවිට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
13
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?