අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි – ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර දී (වීඩියෝ)

මෙරට 76 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

නිදහස් දිනය සමරමින් පවත්වනු ලබන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ගාලු මුවදොර දී ආරම්භවීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

“හදමු අලුත් රටක්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර 76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තාවිසින් එක්වනවා.

නිදහස් දින සැමරුම් උළෙලට අභිමානයක් සහ අලංකාරයක් එක් කිරීමට නිලධාරීන් 241 දෙනකු සමඟ ආරක්ෂක අංශ සාමාජිකයන් 6125ක් සහභාගී වනවා.

ගුවන් යානා 19ක් සමඟ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් මෙවර පෙළපාලියට එක් කර ඇති අතර, නාවික හමුදාවේ රථ පෙළපාලියට සමගාමීව නාවික හමුදාවේ නැව් කිහිපයක් ගාලුමුවදොර අභියස මුහුදේ ගමන් කරමින් ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (04) දිනයේ දී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06