spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි – ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර දී (වීඩියෝ)

මෙරට 76 වන අභිමානවත් නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

නිදහස් දිනය සමරමින් පවත්වනු ලබන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) පෙරවරුවේ ගාලු මුවදොර දී ආරම්භවීමට නියමිතයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

“හදමු අලුත් රටක්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර 76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේත්තා තාවිසින් එක්වනවා.

නිදහස් දින සැමරුම් උළෙලට අභිමානයක් සහ අලංකාරයක් එක් කිරීමට නිලධාරීන් 241 දෙනකු සමඟ ආරක්ෂක අංශ සාමාජිකයන් 6125ක් සහභාගී වනවා.

ගුවන් යානා 19ක් සමඟ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් මෙවර පෙළපාලියට එක් කර ඇති අතර, නාවික හමුදාවේ රථ පෙළපාලියට සමගාමීව නාවික හමුදාවේ නැව් කිහිපයක් ගාලුමුවදොර අභියස මුහුදේ ගමන් කරමින් ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (04) දිනයේ දී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?