ඉන්දීය ජනරජ දිනය ප්‍රංශ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ඉන්දියාවේ 75 වැනි ජනරජ දින සැමරුම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ඉන්දීය ජනරජ දින 75 වැනි සැමරුම අද උදෑසන මහත් හරසරින් ආරම්භ වූයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.

ඉන්දීය ජනාධිපති ද්‍රව්පදී මරුමු ඉන්දීය ජාතික ධජය එසවීමත් සමඟ සමාරම්භ කෙරුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මක්‍රෝන් මහතායි.

මෙවර ජනරජ දිනයේ විශේෂත්වය වන්නේ ඉන්දීය යුධ බලය විදහා දැක්වෙන හමුදා ආචාර පෙළපාළියට පලමුවරට ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් එහි කාන්තා බලඝනයන් එක්වීමයි.

මෙවර ජනරජ දිනයේදී නාරි ශක්ති තේමාව යටතේ ඉන්දීය කාන්තා ශක්තිය විදහා දැක්වීම ප්‍රමුඛ අරමුණ කරගෙන තිබෙනවා.

ඒ අනුව යමින් ඉන්දීය ගුවන් හමුදාව ද ඔවුන්ගේ ගුවන් හමුදා සංදර්ශනය සඳහා ගුවන් නියමුවරියන් 15 දෙනෙකු එක්වනවා.

මේ හැරුණු විට පළමු වරට ඉන්දීය කලාකරුවන් සිය දෙනකු මෙම ආචාර පෙළපාළි සඳහා එක්වන්නේ සාම්ප්‍රදායික ඉන්දීය සංගීත භාණ්ඩ වාදනය කරමින්.

ඉන්දීය ජනරජ දින පෙළපාළිය සඳහාද ප්‍රංශ ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන් 90 දෙනෙක් එක්ව සිටි අතර, ඉදිරිපත් කෙරුණු ගුවන්යානා සංදර්ශනය සඳහාද ප්‍රංශ ගුවන් හමුදා යානා ද එක්වුණා.

ඉන්දීය ත්‍රිවිධ හමුදා ශක්තිය විදහා දැක්වෙන ජනරජ දින පෙළපාලිය වෙනුවෙන් පොලිස් නිලධාරින් 14000කගේ විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා.

දිල්ලි පොලිස් කොමසාරිස්වරයා මෙම විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජනරජ දින සැමරුම සඳහා එක්ව සිටිනා 77000ක් වන ආරාධිතයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එවන් වැඩපිළිවෙලක් සකසා ඇති බවයි.

මෙම විශේෂ පොලිස් කණ්ඩායම් අතරට ඉන්දීය පොලිස් කොමාන්ඩෝ කණ්ඩායම්, හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සහ විශේෂ අවි පුහුණු කණ්ඩායම්ද ඇතුළත් කර ඇත්තේ ඇතිවන ඕනෑම තත්ත්වයකට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටයි.

මේ අතරේ ඉන්දීය ජනරජ දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේද අද උදෑසනක් විශේෂ උත්සවයක් පැවැත්වුණා.

ඒ සඳහා ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසක් එක්ව සිටියා. ඉන්දීය ධජයේ එසවීමෙන් අනතුරුව මෙම උත්සවය ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13