ඉන්දීය ජනරජ දිනය ප්‍රංශ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ඉන්දියාවේ 75 වැනි ජනරජ දින සැමරුම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ඉන්දීය ජනරජ දින 75 වැනි සැමරුම අද උදෑසන මහත් හරසරින් ආරම්භ වූයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.

ඉන්දීය ජනාධිපති ද්‍රව්පදී මරුමු ඉන්දීය ජාතික ධජය එසවීමත් සමඟ සමාරම්භ කෙරුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මක්‍රෝන් මහතායි.

මෙවර ජනරජ දිනයේ විශේෂත්වය වන්නේ ඉන්දීය යුධ බලය විදහා දැක්වෙන හමුදා ආචාර පෙළපාළියට පලමුවරට ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් එහි කාන්තා බලඝනයන් එක්වීමයි.

මෙවර ජනරජ දිනයේදී නාරි ශක්ති තේමාව යටතේ ඉන්දීය කාන්තා ශක්තිය විදහා දැක්වීම ප්‍රමුඛ අරමුණ කරගෙන තිබෙනවා.

ඒ අනුව යමින් ඉන්දීය ගුවන් හමුදාව ද ඔවුන්ගේ ගුවන් හමුදා සංදර්ශනය සඳහා ගුවන් නියමුවරියන් 15 දෙනෙකු එක්වනවා.

මේ හැරුණු විට පළමු වරට ඉන්දීය කලාකරුවන් සිය දෙනකු මෙම ආචාර පෙළපාළි සඳහා එක්වන්නේ සාම්ප්‍රදායික ඉන්දීය සංගීත භාණ්ඩ වාදනය කරමින්.

ඉන්දීය ජනරජ දින පෙළපාළිය සඳහාද ප්‍රංශ ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන් 90 දෙනෙක් එක්ව සිටි අතර, ඉදිරිපත් කෙරුණු ගුවන්යානා සංදර්ශනය සඳහාද ප්‍රංශ ගුවන් හමුදා යානා ද එක්වුණා.

ඉන්දීය ත්‍රිවිධ හමුදා ශක්තිය විදහා දැක්වෙන ජනරජ දින පෙළපාලිය වෙනුවෙන් පොලිස් නිලධාරින් 14000කගේ විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා.

දිල්ලි පොලිස් කොමසාරිස්වරයා මෙම විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජනරජ දින සැමරුම සඳහා එක්ව සිටිනා 77000ක් වන ආරාධිතයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එවන් වැඩපිළිවෙලක් සකසා ඇති බවයි.

මෙම විශේෂ පොලිස් කණ්ඩායම් අතරට ඉන්දීය පොලිස් කොමාන්ඩෝ කණ්ඩායම්, හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සහ විශේෂ අවි පුහුණු කණ්ඩායම්ද ඇතුළත් කර ඇත්තේ ඇතිවන ඕනෑම තත්ත්වයකට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටයි.

මේ අතරේ ඉන්දීය ජනරජ දිනය සමරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේද අද උදෑසනක් විශේෂ උත්සවයක් පැවැත්වුණා.

ඒ සඳහා ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු විශේෂ ආරාධිතයින් පිරිසක් එක්ව සිටියා. ඉන්දීය ධජයේ එසවීමෙන් අනතුරුව මෙම උත්සවය ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?