ටෙලිකොම් කොටස්වල ආයෝජනයට සමාගම් තුනකින් ඉල්ලීම්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී වෙනුවෙන් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමේ අවසාන දිනය අද (12) වන අතර එය පස්වරු 2න් අවසන් වී තිබෙනවා.

මෙතෙක් ලැබී ඇති සුදුසුකම් සඳහා වන ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් සලකා බලනු ලැබුවා.

ඒ අනුව Jio Platforms Ltd, Gujrat, India, Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited සහ Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd යන සමාගම්වලින් යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසාය බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇගයීමට ලක් කෙරෙනු ඇති.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයින් ලෙස ක්‍රියා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
25
+1
2
+1
4
+1
11
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03