spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටෙලිකොම් කොටස්වල ආයෝජනයට සමාගම් තුනකින් ඉල්ලීම්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී වෙනුවෙන් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමේ අවසාන දිනය අද (12) වන අතර එය පස්වරු 2න් අවසන් වී තිබෙනවා.

මෙතෙක් ලැබී ඇති සුදුසුකම් සඳහා වන ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව විසින් සලකා බලනු ලැබුවා.

ඒ අනුව Jio Platforms Ltd, Gujrat, India, Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited සහ Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd යන සමාගම්වලින් යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසාය බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව මෙම ඉල්ලීම් ඇගයීමට ලක් කෙරෙනු ඇති.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් බෙදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ගනුදෙනු උපදේශකයින් ලෙස ක්‍රියා කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
25
+1
2
+1
4
+1
11
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?