AFC Banner
Empty Ad
Empty Ad

නිවසේ කාමරයක පාසැල් සිසුවකුගේ මළ සිරුරක් (ඡායාරූප)

ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන 15 හැවිරිදි පාසැල් සිසුවකුගේ මළ සිරුරක් පලාගල නාරංගස්වැව ප්‍රදේශයේ නිවසකින් හමුවීම පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඔහු පදිංචි නිවසේ කාමරයක සිසුවා නිදා ගත් බව කියන ඇඳට ඉහළින් වහලයේ එල්ලෙමින් තිබියදීයි අද පස්වරුවේ මෙම මළ සිරුර හමුවී ඇත්තේ.

සහෝදර සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ද වන සිසුවාගේ මළ සිරුරේ ස්ථාන කිහිපයක සීරුම් තුවාල කිහිපයක් ද දක්නට ලැබෙන බව සඳහන්.

පොලිසිය සිදු කළ සෝදිසියේදී මිය ගිය සිසුවාගේ නිදන ඇඳේ මෙට්ටය යට තිබී මත් දුම් කුඩු විශේෂයක්, ගිනි පෙට්ටි, දුරකතන සිම්පත් කිහිපයක්, ජංගම දුරකතන දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ඒවා සිය භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේ සිසුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඒ සඳහා සිරුර දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (10) දඹුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි. ගිරානේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

WhatsApp Image 2024 01 09 at 18.11.05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
9
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?