නිවසේ කාමරයක පාසැල් සිසුවකුගේ මළ සිරුරක් (ඡායාරූප)

ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන 15 හැවිරිදි පාසැල් සිසුවකුගේ මළ සිරුරක් පලාගල නාරංගස්වැව ප්‍රදේශයේ නිවසකින් හමුවීම පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඔහු පදිංචි නිවසේ කාමරයක සිසුවා නිදා ගත් බව කියන ඇඳට ඉහළින් වහලයේ එල්ලෙමින් තිබියදීයි අද පස්වරුවේ මෙම මළ සිරුර හමුවී ඇත්තේ.

සහෝදර සහෝදරියන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ද වන සිසුවාගේ මළ සිරුරේ ස්ථාන කිහිපයක සීරුම් තුවාල කිහිපයක් ද දක්නට ලැබෙන බව සඳහන්.

පොලිසිය සිදු කළ සෝදිසියේදී මිය ගිය සිසුවාගේ නිදන ඇඳේ මෙට්ටය යට තිබී මත් දුම් කුඩු විශේෂයක්, ගිනි පෙට්ටි, දුරකතන සිම්පත් කිහිපයක්, ජංගම දුරකතන දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා ඒවා සිය භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේ සිසුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඒ සඳහා සිරුර දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (10) දඹුල්ල මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි. ගිරානේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

WhatsApp Image 2024 01 09 at 18.11.05


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38