පනත් කෙටුම්පත් 3කට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයීය පනත් කෙටුම්පත, සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමථකරණය තුළින් ඇති වන්නාවූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් තුන සඳහා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

මේ සඳහා අනුමතිය හිමි වූයේ ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී යි.

මෙම රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සහ සමථ මණ්ඩල කොමිෂන් සභාව යන ආයතනවල රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සහභාගී වී තිබෙනවා.

මෙහිදී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය මගින් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව සහ එහි සාමාජිකයින් පත් කිරීම පිළිබඳව කමිටුව විසින් දීර්ඝව සලකා බැලීම සිදු කෙරුණා. මේ අනුව මෙම කාර්යාලය සඳහා සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශයක් අධිකරණ අමාත්‍යවරයා වෙත දැනුවත් කිරීමට කාරක සභාව වසින් මෙහිදී තීරණය කරනු ලැබුවා.

එසේම පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ග්‍රාමීය මට්ටමෙන් සහජීවන සමාගම් පිහිටුවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇති බවයි. ග්‍රාමීය මට්ටමෙන් ගැටුමක් ඇති විය හැකි නම් ඒවා පිළිබඳව මුල් අවස්ථාවේදීම දැනුවත් වී ඒවා විසඳාගැනීම සඳහා පෙර සූදානම් වීම මෙම කාර්යාලය මගින් අරමුණු කරන බව ද නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සමථකරණය තුළින් ඇතිවන්නාවූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පතට ද කාරක සභාව සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53