මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

හෙට (01) සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය හෙට (01) දිනයේ සිට පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන බවයි.

මේ අතර සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පස්වරු 2.00ට මරදාන දුම්රිය ස්ථානයේ සිට අලුත්ගම දක්වා ධාවනයවන දුම්රිය පස්වරු 1.55ට එනම් විනාඩි 05ක් කලින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

සතියේ දිනවල රාත්‍රි 8.35ට මරදාන දුම්රිය ස්ථානයේ සිට දකුණු පයාගල දක්වා ධාවනයවන දුම්රිය හෙට (01) සිට අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ගමනාන්තය දීර්ඝ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16