තම දියණිය බස් රථයෙන් බැසීමට උත්සාහ කරන අවස්ථාවේ දී ඉන් ඇදවැටීම හේතුවෙන් උරණ වූ ඇයගේ පියා විසින් බස් රථයේ රියදුරාට පහර දුන් පුවතක් මාවතගම ප්රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (24) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කුරුණෑගල ලංගම ඩිපෝවට අයත් බස් රථ රියදුරෙක්.
කුරුණෑගල සිට මහනුවර දක්වා ඊයේ (24) පස්වරුවේ ධාවනය වූ බස් රථයක සිටි සිසුවියක් මාවතගම ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී බස් රථයේ පිටුපස දොරෙන් බැසීමට යාමේදී ඉන් ඇඳවැටී තිබෙනවා.
එහිදී ඇයට හානියක් සිදුව නොමැති අතර, තම දියණිය එලෙස බස් රථයෙන් ඇදවැටීමත් සමඟ කෝපයට පත් ඇයගේ පියා මෙලෙස බස් රථයේ රියදුරුවරයාට පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරදීමට සම්බන්ධ සැකකරු හදුනාගෙන ඇති අතර, ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.