දියණිය බසයෙන් ඇද වැටුණු කෝපයට පියා ඩ්‍රයිවර්ට ගහලා

තම දියණිය බස් රථයෙන් බැසීමට උත්සාහ කරන අවස්ථාවේ දී ඉන් ඇදවැටීම හේතුවෙන් උරණ වූ ඇයගේ පියා විසින් බස් රථයේ රියදුරාට පහර දුන් පුවතක් මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (24) පස්වරුවේ මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කුරුණෑගල ලංගම ඩිපෝවට අයත් බස් රථ රියදුරෙක්.

කුරුණෑගල සිට මහනුවර දක්වා ඊයේ (24) පස්වරුවේ ධාවනය වූ බස් රථයක සිටි සිසුවියක් මාවතගම ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී බස් රථයේ පිටුපස දොරෙන් බැසීමට යාමේදී ඉන් ඇඳවැටී තිබෙනවා.

එහිදී ඇයට හානියක් සිදුව නොමැති අතර, තම දියණිය එලෙස බස් රථයෙන් ඇදවැටීමත් සමඟ කෝපයට පත් ඇයගේ පියා මෙලෙස බස් රථයේ රියදුරුවරයාට පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පහරදීමට සම්බන්ධ සැකකරු හදුනාගෙන ඇති අතර, ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14