රාත්‍රී කාලයේ ගමන් යන රියදුරන්ට නොමිලේ තේ

අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීම සඳහා රාත්‍රී කාලයේ දී බර වාහන රියදුරන්ට නොමිලේ තේ ලබාදීමට ඔඩිෂා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

වාණිජ හා ප්‍රවාහන අමාත්‍ය තුකුනි සාහු බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තේ පානයට අමතරව රියදුරන්ට විවේක ගැනීමට පහසුකම් ද සලසන බවයි. මාර්ග අසල ඇති ආපනශාලා සහ හෝටල් සමඟ එක්ව මෙම වැඩපිළිවෙල සිදු කරන බවයි අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

රාත්‍රියේදී නිදිමතෙන් රිය පැදවීම මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතුවක් වන අතර ඔවුන්ගේ ගමන ආරක්ෂිතව කරගෙන යාමට රියදුරන්ට ප්‍රබෝධමත් සහ හොඳ විවේකයක් ලබා දීම සහතික කළ යුතු බව ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

තේ පානය කර ටික වේලාවක් විවේක ගැනීමෙන් නිදිමත ඇතිවීම වළක්වා ගත හැකි අතර නොමිලේ තේ බීමට අමතරව මාර්ගය අයිනේ ඇති හෝටල්වල විවේක ගැනීමට ද රියදුරන්ට පහසුකම් සලසා දෙන බව ඇය ප්‍රකාශ කළා.

අමාත්‍යවරිය පැවසුවේ තේ පානය කළ හැකි ප්‍රධාන ස්ථාන හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාල විසින් සිදු කරනු ඇති. ජනවාරි මස පළමුවනදා සිට 7 වනදා දක්වා මාර්ග ආරක්‍ෂිත සතිය තුළ මෙම පියවර ගන්නා බවද ඇය සඳහන් කළා.

උදෑසන සහ සවස රථවාහන පරීක්ෂාව දැඩි කිරීමටත් බීමත්ව රිය පැදවීම, වැරදි මාර්ගවල රිය පැදවීම සහ වෙනත් මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරිය සඳහන් කළා.

ඔඩිෂා ප්‍රාන්තයේ රිය අනතුරු අවම කිරීම සඳහා ප්‍රවාහන දෙපාර්තමේන්තුව තවත් පියවර කිහිපයක් ද ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06