ගර්භාෂ දෙකක ගැබ් ගත් කාන්තාව නිවුන් දරුවන් බිහි කරයි

දුර්ලභ ද්විත්ව ගර්භාෂය ඇති ඇමරිකා එක්සත් ජනපද කාන්තාවක් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා. දින දෙකක් තුල පැය පැය 20ක කාලයකදී දරුවන් දෙදෙනා බිහිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි දරු පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ කාන්තාවන් මිලියනයකින් අයෙකුට පමණක් බව සඳහන්.

32 හැවිරිදි කෙල්සි හැචර් අඟහරුවාදා එක් දියණියක් ද බදාදා දෙවැන්නා ද ඇලබාමා විශ්ව විද්‍යාලයේ බර්මින්හැම් රෝහලේ දී ප්‍රසූත කර තිබෙනවා.

ඇය මෙම ආශ්චර්යමත් ළදරුවන් පැමිණීම සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තම හිතවතුන්ට නිවේදනය කර වෛද්‍යවරුන්ට ද ලෙස ප්‍රශංසා කළා.

බිලිඳියන් නිවුන් දරුවන් ලෙස හඳුන්වා ඇති අතර ඔවුන්ට වෙනස් උපන් දින තිබීම විශේෂත්වයක්.

හැචර් මහත්මිය පැවසුවේ පවුල දැන් ආපසු නිවසට පැමිණ ඇති අතර නිවාඩු කාලය භුක්ති විඳිය හැකි බවයි. ඇය කලින් අපේක්ෂා කර තිබී ඇත්තේ නත්තල් දිනයේ දරුවන් ලැබෙනු ඇති බවටයි.

මෙම කාන්තාවට ද්විත්ව ගර්භාෂයක් ඇති බවට අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 17 දී යි.

කාන්තාවන්ගෙන් 0.3% කට බලපාන දුර්ලභ සංජානනීය විෂමතාවයක් ලෙසින් එය හැඳින්වෙනවා. ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීමේ සම්භාවිතාව ඊටත් වඩා විශේෂත්වයක් ලෙසටයි සැලකෙන්නේ. මෙවැනි උපත් ලොව පුරා වාර්තා වන අවස්ථා අතිශයින් දුර්ලභයි.

2019 වසරේදී බංග්ලාදේශයේ වෛද්‍යවරියක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කාන්තාවක් ඇයගේ එක් ගර්භාෂයක් තුළ සිටි නොමේරූ දරුවෙකු ප්‍රසූත කර මාසයකට පමණ පසු අනෙක් ගර්භාෂයෙන් තවත් දරුවෙකු බිහි කළ බවයි.

හැචර් මහත්මිය මීට පෙර දරුවන් තුන් දෙනෙකු ප්‍රසූත කර තිබෙනවා. මෙවර, ඇය ගැබ්ගෙන ඇත්තේ එක් ගර්භාෂයක පමණක් බවටයි මුලින් විශ්වාස කර තිබුණේ. කෙසේවෙතත් සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඇගේ දෙවන කොටසේ ද දරුවෙකු ද සිටින බවයි.

දෙසැම්බර් 19 වනදා 19:45ට පමණ පළමු දරුවා ස්වභාවිකව ප්‍රසූත කළ අතර දෙවැනි දරුවා සිසේරියන් සැත්කමකින් පැමිණියේ පැය 10කට වැඩි කාලයකට පසුව පසුදා උදෑසන 06:10ට පමණයි.

දරු ප්‍රසුතියට එක්වූ මහාචාර්ය ඩේවිස් පැවසුවේ ගැහැණු ළමයින් සහෝදර නිවුන් දරුවන් ලෙස හැඳින්විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?